හොරොව්පතාන සභාපති හිතුවක්කාර ලෙස කඩ කඩයි

හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට අයත් වෙළෙඳ සල් කිහිපයක් ඩෝසර් කිරීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ සුළු ව්‍යාපාරිකයන්  දැඩි පීඩාවට පත්ව සිටින බව එම ව්‍යාපාරිකයෝ පවසති.

වෙළෙඳ සල් අහිමි වූ පුද්ගලයන් පවසන්නේ, හොරොව්පතාන නගරයේ පවත්වාගෙන ආ මෙම තම ව්‍යාපාර  වසර 40කට ආසන්න කාලයක් රුපියල් 250.00ක් වැනි බදු මුදලක් ගෙවමින් ආරම්භ කළ අතර, මෙම වෙළෙඳ සලකට වර්තමානය වන විට රුපියල් තුන්දහසක් පමණ බදු මුදල් ගෙවමින් සිටි බවයි.

මෙම කඩ කඩා ඉවත් කළ ස්ථානයට ආසන්නයේ කඩ කාමර 20කින් යුතු වෙළෙඳ සංකීර්ණයක් ඉදි කිරීමට හොරොව්පතාන ප්‍රාදේශීය සභාව කටයුතු කරමින් සිටින අතර, නව වෙළෙඳ සංකීර්ණය ඉදි කිරීමටත් පෙර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් තමන්ට අයිති කඩ කාමර වෙන් කර ගනු ලැබ ඇති බවත්, තමන්ට කඩ කාමර ලබා නොදෙන බවත් මෙම ව්‍යාපාරිකයෝ පවසති.

කෙසේ වෙතත්, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් රජයේ දේපළවලට හානි සිදු වන පරිදි මෙම පැරැණි කඩ පේළිය ඩෝසර් කර ඇති බවට ද චෝදනා එල්ල වේ●

ආර්. ජයසේන – අනුරාධපුර
Leave A Reply

Your email address will not be published.

3 + 16 =