තවත් කොවිඩ් මරණ 155 ක්, වයස 60 ට අඩු මරණ 44 ඒ අතර

කොවිඩ් මරණ 155ක් ඊයේ (12) සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (12) දින තහවුරු කර ඇති අතර එම මරණ 155ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,775ක් දක්වා ඉහළගොස් ඇත.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 111 දෙනෙකුද 30-59 අතර 41 දෙනෙකුද, සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් තිදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

Leave A Reply

Your email address will not be published.

fifteen + 16 =