“අල්ලස් කොමිසමට කැක්කුම තියෙන්නෙ දේශපාලනඥයන් ගැන විතරයි”

- කොළඹ මහාධිකරණ විනිසුරු

දේශපාලකයින්ට පවරා ඇති නඩු බොහෝමයක් නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේම අත්සන් නොමැති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම එම නඩු ඉල්ලා අස්කර ගනු ලැබූවත් එවැනිම තත්ත්වයක් තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහි නඩු විභාග කිරීමට අල්ලස් කොමිසම උනන්දුවක් දක්වන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ(12) විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවක තීන්දුව ප්‍රකාදයට පත් කරමිනි.

ඒ අනුව මහාධිකරණය විනිසුරුවරයා විසින් අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීහු වශයෙන් කටයුතු කළ නිමල් රෝහණ සෝමවර්ධන හා ආර් .එම් . කරුණාතිලක යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කළේය.

මෙම නඩුව පැවරීම සඳහා අල්ලස් කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු පමණක් අනුමැතිය ලබා දී ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න වලදී හෙළිවූ කරුණු සලකා බලමින් විනිසුරුවරයා මෙලෙස විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

2009 ජූලි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලවායේදී හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් කටයුතු කරමින් සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම සඳහා කැලිස්ටස් ජයසේකර නමැත්තෙකුගෙන් රුපියල් පහළොස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණා.

Leave A Reply

Your email address will not be published.

20 − 10 =