ඉන්දීය ක්‍රිකට් මහ පුටුවට සව්රව් ගංගුලි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ‘කොල්කටාහි කුමාරයා’ (Prince of Kolkata) යනුවෙන් හැඳින්වෙන සව්රව් ගංගුලි පත්වී තිබේ.

දේශීය තරගවලදී විශිෂ්ට දස්කම් දැක්වූ සව්රව් ගංගුලි වසර 20කට වැඩි කාලයක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ ඔහු ඉන්දියාවේ සාර්ථක ම ටෙස්ට් නායකයින් කිහිප දෙනා අතරින් කෙනෙකි.
විශිෂ්ට වමත් පිතිකරුවෙකු වූ ගංගුලි එක්දින ලකුණු 10000 ඉක්මවූ, කඩුලු 100කට වඩා බිද හෙලා ඇත.
ගංගුලිගේ අභාෂය පසුව නායකත්වයට පත්වූ රාහුල් ඩ්‍රාවිඩ්ගේ සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයට පදනම වූ බව ඉන්දීය ක්‍රිකට් විචාරකයන් පවසයි.

ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමෙන් පසු සව්රව් ගංගුලි දේශපාලනයට ආරාධනා ලැබුන අතරම 2014 ලෝක් සභා මැතිවරණයට තරග කරන ලෙස භාරතීය ජනතා පක්ෂය කළ යෝජනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.

2021 වසරේදී පැවැත්වීමට නියමිත බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයේදී සව්රව් ගංගුලි ඉදිරිපත් කිරීමට භාරතීය ජනතා පක්ෂය උත්සහ දරයි.

සව්රව් ගංගුලි මේ වන තෙක් බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති ධූරය දරමින් සිටි අතර මේ තනතුරත් සමඟ හුට ඉන් ඉවත් වීමට සිදුවේ.
මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාවට අනුව සභාපති ධූරය ගංගුලිට හිමි වනුයේ, මාස නවයක කාලයක් සදහා පමණි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සාමාජිකයින් 9 දෙනෙක් ඇතුළත් වෙති.

Leave A Reply

Your email address will not be published.

14 − eleven =