කොවිඩ් මරණ 156ක් දක්වා ඉහළට

ඊයේ (11) දිනය තුළ සිදුවූ බවට තහවුරු කර ඇති කොවිඩ් මරණ 156ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ.

එම මරණ සංඛ්‍යාව මෙරටදී දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

ඊයේ (11) දින තහවුරු කර ඇති එම මරණ 156ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහළගොස් ඇත.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 121 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

Leave A Reply

Your email address will not be published.

16 − six =