“අපි දැන් හිතන්න වෙන්නේ ඔක්සිජන් නැතුව මැරෙනවද කන්න නැතුව මැරෙනවද කියන එක”

- ආචාර්ය චන්දිම ජීවන්දර

ඉදිරි දෙසතිය තුළ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ බලපෑම මෙරට තුළ ඉතා ප්‍රබලවනු ඇති බව වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන අතර එය ඔහු පවසන්නේ “අපි දැන් හිතන්න වෙන්නේ ඔක්සිජන් නැතුව මැරෙනවද කන්න නැතුව මැරෙනවද කියන එක” යනුවෙනි.

ඊයේ(11) පැවතී රුපවාහිනී නාලිකාවක (අලුත් පාර්ලිමේන්තුව) වැඩසටහනකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ වඩාත් අවශ්‍ය වන්නේ ආහාර ද? ඔක්සිජන් ද? යන්න මත ප්‍රතිපත්ති තීරණය කළ යුතු බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරට පැවසුවේ,

“මේකේ දරුණු බව ඉදිරියට තමයි බලාපොරොත්තුවෙන්නේ. විශේෂයෙන් ඉදිරි සති දෙක තුන ඉතාමත්ම තීරණාත්මකයි. මේ ඩෙල්ටා බලපෑම පටන්ගත්තා විතරයි. චීනයේ වුහාන් නඟරයෙන් ආරම්භ වූ ප්‍රභේදයට වඩා දෙගුණයකින් මේක පැතිරෙනවා.” එය කොච්චර ප්‍රබල ද කියතොත් ඔහු පවසන්නේ “තප්පර 5ක අපි මේ මාස්ක් එක ගැලෙව්වොත් ඒ කාලය ඇති අපි ආසාදිතයෙක් වෙන්න.” චන්දිම ජීවන්දර මහතා වගකිවයුත්තන්ට දැඩිව අවධාරණය කරමින් පවසන්නේ, “මේකෙ පැතිරීම වළක්වන්න මේ අවස්ථාවේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. අපිට හෙට දිනයේ තියෙන ප්‍රශ්නය තමයි කන්න නැතුව මැරෙනවා ද? ඔක්සිජන් නැතුව මැරෙනවා ද? කියන එක. කන්න නැතුව මැරෙන්නේ නෑ. මොකද කන්න තියෙන මිනිහෙක් අපිට ගෙනත් දෙයි. හැබැයි ඔක්සිජන් නැති වුණොත් අපිට ජීවත්වෙන්න බෑ.” යනුවෙනි.

“කොළඹ 90% වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා”

“අපි පරීක්ෂණ කරලා තියනවා නුවරඑළිය වැනි ඈත පළාත්වල වම අපි ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ මූලික අවධියේඒ පළාත් වළට තවම ඩෙල්ටා ප්‍රභේදය ගිහින් නෑ. ඒ කියන්නේ අපි ඉන්නේ එහි මූලික අවධියේ. ඩෙල්ටා ප්‍රභේදය පැතිරුණු සෑම රටකටම දැඩි බලපෑම් එල්ල කළා. උදාහරණයක් විදිහට අපි ඉන්දියාව ගත්තහම ඒ විපාකය අපිට හොඳින් දැකගන්න ලැබුණා.”
දැන් කොළඹ 90% වැඩි ප්‍රමාණයක් ඩෙල්ටා ආසාදිතයන් ඉන්නේ. නමුත් අනිත් පළාත්වල එහෙම තත්ත්වයක් නෑ කෙසේ නමුත් මෙම ඩෙල්ටා බලපෑම ඒ පළාත් වලට යාමට පෙර අපි දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි”.

 

අලුතෙන්ම තීරණ අරගෙන ඉදිරියට යා යුතු බවද ඔහු පවසයි.

කොළ පැහැයෙන් දක්වා තිබෙන්නේ ජුලි මාසය තුළ ඩෙල්ටා ප්‍රබේදය පැතිරුණු ආකාරයයි

Leave A Reply

Your email address will not be published.

fifteen + 15 =