ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීමට සිව් පුද්ගල කමිටුව විසඳුමක්ද?

අද විසඳුම් ලැබේ යැයි බලාපොරොත්තුවෙන් සිටි ගුරුවරුන්ට තවත් කාලයක් ගතවන කාරණයක් ලෙස ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කර තිබේ.

මෙම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.
කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ පංච පුද්ගල කමිටුවක් පත් කල බවයි. එහෙත් පත්කර තිබෙන්නේ සිව් පුද්ගල කමිටුවකි.
මෙම කමිටුව පත් කල ආකාරය පිලිබඳ අදහස් දැක්වූ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙක් පැවසුවේ මෙය ආණ්ඩුවේ පාර්ශව කිහිපයක් අතර තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීමටද පාවිච්චි කරීමට කළ සැලසුමක් බවයි. එම මන්ත්‍රීවරයා පවසන්නේ මුලින් මෙම කමිටුව සඳහා බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ නමද ඇතුලත් වී තිබූ නමුත් එය පසුව ඉවත්කර ඇති බවයි.

 

Leave A Reply

Your email address will not be published.

twelve + 2 =