පසුගිය දින 10 තුළ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සියයට 75කින් ඉහළ ගිහින්

රට තුළ තුන් වන රැල්ලත් සමඟ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්ත වීම හේතුවෙන් ගෙවුණු දින 10ක කාලය තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 75 කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ.

රෝහල්වල ධාරිතාවද ඉක්මවා යමින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් වාර්තා වන පසුබිමක ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවත් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර පසුගිය ජූලි 19 වනදා සිට ජූලි 28 වනදා දක්වා දින 10 සලකා බැලීමේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් දිනකට 227 ත් 409 ත් අතර පැවැති බවත් එහි සාමාන්‍ය අගය 291 ක් පමණ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ.

මේ අතර ජූලි 29 වනදා සිට අගොස්තු 07 වනදා දක්වා දින 10 තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 441 ත් 602 ත් අතර මේ වන විට සාමාන්‍යය 509 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ප්‍රතිශතයපෙර දින 10ට සාපේක්ෂව සියයට 75ක පමණ වර්ධනයකි.

මේ පිලිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ, මීට පෙර පැවති තත්ත්වයට වඩා ඔක්සිජන් ලබාදීමේ අවශ්‍යතාව වැඩිවී ඇති බවත් නමුත් ඔක්සිජන් දැනට අපට හිඟයක් නැති බවත් අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය තිබෙන බවයි. ක්ව්සේ නමුත් හදිස්සියක දී තවත් ඔක්සිජන් ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ සඳහා තියෙන රාජ්‍ය අමාත්‍යාංශයත් සම්පූර්ණ සැලසුම් මේ වන විට සකස් කර ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

nineteen − four =