Sysco LABS, Engineering Nexus – ‘Clear the Mist:’ හා සම්බන්ධ වෙයි

Sysco LABS, Engineering Nexus – ‘Clear the Mist:’ හා සම්බන්ධ වෙයි

‘Clear the Mist: The Cloud Revealed’ තේමාව යටතේ පැවැති Engineering Nexus 7 වන අදියර එළිදැක්වීමේ හමුවේ දී Sysco LABS Sri Lanka සමාගමට ද එම අවස්ථාව නියෝජනය කිරීමට හැකියාව ලැබිණි. ඒ අනුව Sysco LABS Sri Lanka හි ජ්‍යෙෂ්ඨ මෘදුකාංග නිර්මාණ ශිල්පී ක්‍රිෂාන් සෙනෙවිරත්න එහි ප්‍රධාන කථිකයකු ලෙස සහභාගි විය.

Sysco LABS Sri Lanka යනු ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් වන Sysco LABS” WSO2″ LSEG Technology  සහ Pearson Lanka වැනි වෘත්තීය තාක්ෂණික ජ්‍යෙෂ්ඨයන්ගේ සමූහයකි. එය තාක්ෂණික වෘත්තිකයන් අතර දැනුම හුවමාරු කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට හා මෘදුකාංග ඉංජිනේරු අදහස්වල නායකත්වය එම ක්‍ෂේත්‍රය පුරා තව දුරටත් තහවුරු කිරීම අපේක්ෂා කරයි.

Cloud සංස්කෘතියක් (Cloud Culture) නිර්මාණය කිරීම, Cloud තාක්ෂණය භාවිතයෙන් පවතින පද්ධති නවීකරණය කිරීම සහ Cloud හි මෙවලම සහ එහි යටිතල පහසුකම් තුළ සිදු වන දේ පිළිබඳ යෝජනා වැනි අනුමාතෘකා, Cloud Native මෘදුකාංග නිර්මාණය යන තේමාව යටතේ පැවැත්වුණු 7වන Engineering Nexus සැසියේ දී ගවේෂණය කෙරිණි.

Cloud Native ගමන්මඟෙහි තවත් වැදගත් සාධක ඇති ‘The Journey towards Cloud Native’ පිළිබඳව සාකච්ඡා කරමින් ක්‍රිෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ ය. එසේම ‘Cloud Native’   යනු Micro-services සහ Kubernetesවලට වඩා යමක් බවත්, එමෙන්ම එය තාක්ෂණයට සහ උපාංග කට්ටලයකට වඩා ද වැඩි යමක් බවත් යැයි ඔහු අවධාරණය කළේය.‘Cloud Native’  සඳහා නිවැරැදි යැයි කිව හැකි පිළිතුරක් නොමැති නමුත්, මුල සිට පහළට වැඩ කිරීමේ නව ක්‍රමවේදයන්ට අනුගත වෙමින් Cloud Computing සිය උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට යෙදවුම් නිර්මාණයේ දී දාර්ශනික පිළිවෙත් හා නව ක්‍රමවලට අනුගත වීම වඩා ඵලදායී වනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

උත්සවය අවසන් වූයේ ප්‍රශ්න හා පිළිතුරු සැසියකින් වන අතර එහි දී ප්‍රේක්ෂකයෝ ඔවුන්ගේ ප්‍රශ්න හා අදහස් විශේෂ කථික මණ්ඩල සාමාජිකයන්ට ඉදිරිපත් කළහ●

Leave A Reply

Your email address will not be published.

two × three =