වෙළෙඳ කලාප තුළ පී. සී. ආර්. නවතී, නිරෝධායනයට 15,000ක් ගනී

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවක සේවිකාවන් සඳහා සිදු කරනු ලැබූ පී. සී. ආර්. පරීක්ෂණ නවතා දමා එම පරීක්ෂණ පෞද්ගලිකව සිදු කර ගන්නා ලෙස සේවකයන්ට දැනුම් දී තිබේ.

මේ අතර කටුනායක වෙළෙඳ කලාපයේ ‘ක්‍රිස්ටල් මාටින්’ ආයතනයේ සේවක සේවිකාවන් සඳහා අතහැර දැමූ ගොඩනැඟිල්ලක  පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙනුවෙන් එක් අයකුගෙන් දිනකට රුපියල් 1,500.00ක මුදලක් අය කරනු ලබන අතර එක් සේවකයකු හෝ සේවිකාවක දින 10ක් නිරෝධායනට ලක් කෙරේ. ඒ අනුව කර්මාන්ත ශාලා පාලන අධිකාරියට මුදල් ගෙවීමට සිදු වීමත් සමඟ අදාළ ආයතන මඟින් පී. සී. ආර්. පරීක්ෂණ නවතා දමා ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට අනුව ‘රෙඩ් ඕගනයිශේෂන්’ සංවිධානයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවනාරායන මහත්මිය පවසන්නේ මෙවන් අදහසකි:

“දිනෙන් දින කටුනායක කලාපයේ කොරෝනා වසංගතය ඉතාම නරක අතට හැරෙනවා. වසංගතය නරක අතට හැරෙද්දී, පී. සී. ආර්. කර ගැනීම ළමයි පිට පටවලා එක පී.සී.ආර් එකක් කරන්න රුපියල් 8,000.00ක මුදලක් යනවා. ඇතැම් අය බෝඩිම්වලට වෙලා ඉන්නවා සල්ලි නැති නිසා. රෝගය උත්සන්න වුණොත් මැරෙන්න වේවි. ඒ නිසා සේවක සේවිකාවන් වෙළෙඳ කලාප රැකියා අතහැර යාවී මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය මැදිහත් වෙන තත්ත්වයක් පේන්න නෑ.”●

ධනුෂ්ක ලිහිණියාගම – කටුනායක
Leave A Reply

Your email address will not be published.

4 × two =