සිසු නායකයින් දෙදෙනා 11දා තෙක් රිමාන්ඩ් – තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි

ඊයේ (05)දිනයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ මහා ශිෂය සංගමයේ සභාපති අමිල සංදීප ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක අද (06) නියෝග කළේය.

අත්අඩංගුවේ සිටි මෙම සිසුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය සදහන් කළේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ පසුගියදා පැවැති විරෝධාවයකදී පොලිස් නිලධාරියෙකුට බරපතල තුවාල සිදු කිරීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරිම ජාතිත මංමාවත් පනත උල්ලංඝනය කරමින් ප්‍රධාන මංමාවත් අවහිරි කිරීම, අයුතු ජනරාශිය, පොදු දේපල වලට අලාභ හානි සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩගුවට ගත් බවයි.

මෙහිදී කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ සහ අමිල සංදීප ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර අධිකරණයට ඉදිරිපත් කළ සෙසු සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මුදා හැරීමට නියම කළේය.

මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර එම පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේ එනම් 11 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේය.

Leave A Reply

Your email address will not be published.

one × 4 =