“මිනිසුන් රෝහල් තුළ මැරීවැටෙන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා, ඔක්සිජන් ආනයනය කරන්න වෙලා”

- රාජ්‍ය ඇමති චන්න ජයසුමන

මෙරට නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මේ වනවිට සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා යොදා ගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන බවද අද වන විට රටේ කොවිඩ් තත්ත්වය එතරම් සතුටුදායක නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔක්සිජන් ආනයනය කිරීමට සිදුවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

“ඉහළම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මංගල උත්සවවලට සහභාගී වූ පිරිසෙන්. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් එක්ක රටේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගිහින්. මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා. අද වෙනකොට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ රෝගීන්ගේ අවශ්‍යතාවයට යොදා ගන්නා තත්ත්වයකට ඇවිත්. ඒ නිසා අපි ඉදිරි සති දෙකක කාලයේදී ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙනඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ උද්ඝෝෂණ අරගල තාවකාලිකව හෝ නවත්වන්න.” යැයි රාජ්‍ය අමාත්‍ය වරයා ඉල්ලීමක් ද කරයි.

Leave A Reply

Your email address will not be published.

two + nine =