ගුරුවරුන් ඇතුලු 44 දෙනා ඇප මත නිදහස් – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් කරලා

ගුරු විදුහල්පති වරුන් ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගුරුවරුන් ඇතුලු 44 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ පෞද්ගලික ඇප මත මුදා හැරී අතර ඔවුන් සමග අත්අඩංගුවට ගත් වාහන 10 ද නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේය.

ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළ ගුරුවරුන්, ගුරුවරියන් ඇතුළු 44 දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බව එම පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි වාර්තාවේ.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ අවස්ථාවේ ඔවුන්ට සහය පළ කිරීම සඳහා එම ස්ථානයට පැමිණ සිටින ගුරු – විදුහල්පතිවරුන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද මතුවූ විය.

 

 

Leave A Reply

Your email address will not be published.

four × one =