පොලිසිය සරසවි ආචාර්යවරුන්ගේ බස් රථයකට කඩාවදිති – සිසුන් දෙදෙනෙකුත් අත්අඩංගුවේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට විරුද්ධව අද(අගෝස්තු05) ලිප්ටන් වටරවුමේ පැවති විරෝධතාවයට සහභාගී වී ආපසු යමින් සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රැගත් බස්රථකයට සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් සමග කඩා වැදුණු පොලිසිය එහි සිටි ආචාර්යවරුන් බලහත්කාරයෙක් පැහැර ගැනීමට තැත් කර තිබේ.  එහෙත් මෙම අවස්ථාවේ ආචාර්යවරුන්ගෙන් එල්ල වුණු දැඩි විරෝධය හමුවේ පසුබැස යාමට ඔවුන්ට සිදු වී ඇත.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ද අද දිනයේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ද පොලිසිය විසින් රැගෙන ගොස් මේ වන විට කුරුඳුවත්ත පොලිසියේ රඳවාගෙන සිටින බව ද වාර්තා වේ.

ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගම් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්වවිද්‍යාලට ඉදිරිපිටදී වන අතර කැළණිය සරසවි සිසුවා අත්අංගුවට ගෙන් ඇත්තේ උද්ඝෝෂණයට ආරම්භ විමට පෙර ලිප්ටන් වටරවුමේදීය.

Leave A Reply

Your email address will not be published.

4 × 4 =