තහවුරු කළ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන අද 82 ක්

අද (04) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තා අනුව පුද්ගලයින් 82 දෙනෙකු ඊයේ (03) දිනය තුළ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අධ්‍යක්ෂවරයා තහවුරු කළේය.

ඒ අනුව කාන්තාවන් 41 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

මෙම පිරිසත් සමඟ මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මෙරට මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 4,727 දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 66 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 15වන ස්ථානයේය.

Leave A Reply

Your email address will not be published.

two × five =