කොතලාවල පනතට එරෙහි විරෝධතාවයට එක් වූ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොතලාවල පනතට එරෙහිව ඊයේ(03) පාර්ලිමේන්තුව අසළ පැවති උද්ඝෝෂණය සඳහා කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් සහභාගී වූ චමිර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ඊයේ(03) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඔවුන් රාත්‍රියේම තලංගම පොලීසිය වෙත රැගෙන විත් මෙම දෙදෙනා පොදු දේපළවලට හානි කිරීම, රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට බාධා කිරීම යන චෝදනා යටතේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

Leave A Reply

Your email address will not be published.

3 × 4 =