රථ පෙළපාලි හතරකින් ගුරු- විදුහල්පතිවරුන් හෙට කොළඹට

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් හෙට (04) දිනයේ ප්‍රදේශ හතරකින් කොළඹට රථ පෙළපාලියකින් පැමිණෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි.

මෙම රථ පෙළපාලි හතර, මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අසලින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල විදුහල අසලින් සහ ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාළි ආරම්භ කරන බව ද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

රථ පෙළපාළිය හෙට(04) පෙරවරු 10 ට ආරම්භ කෙරෙන අතර දහවල් 12ට පමණ කොළඹට පැමිණ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරන බව ද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ පවසති.

Leave A Reply

Your email address will not be published.

four × two =