දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ (02) 74 ක්

මෙරට කොවිඩ් ආසාදිතවූ තවත් 74දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළ අතර මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

මෙම මරණ 74 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,645 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් හා වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙති.

Leave A Reply

Your email address will not be published.

nineteen − two =