ඇමති මහින්දානන්දට කොවිඩ්

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. අද සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඒ බව තහවුරු කරගෙන ඇත.

මේ අතර හෙට දිනයේදී PCR පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත වේ.
මේ අතර මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයා සිය facebook ගිණුමේ සටහනක් තබමින් එය තහවුරු කර තිබේ.

මේ වනවිට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ නිරෝධායනය වෙමින් සිටියි. ඔවුන් දෙදෙනාගේ අමාත්‍යංශවලින් කොවිඩ් ආසාදිතයන් හමුවීම හේතුවෙන් මෙලෙස නිරෝධායනය වෙමින් සිටියි.

Leave A Reply

Your email address will not be published.

seven − 5 =