දුමින්දට විදෙස් ගත වීම වළක්වන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පසුගිය පොසොන් පොහොයදා ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මෙරටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු ‌කොමසාරිස්වරයකු වන නීතීඥ ගසලි හුසේන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

මේ අතර දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාව නීතියට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පෙත්සම මගින් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

Leave A Reply

Your email address will not be published.

12 − eight =