මර්සෙල් ජෙකොබ්ගේ වේගය – ඉතාලිය ජය පැන් බොයි

පලමුව ඔවුන්ට උස පැනීමේ ඉසව්වේ සම රන් පදක්කම කටාරයේ ක්‍රීඩකයා සමග හිමි වූ අතර ඉන් මිනිත්තු 15 අවසන් වනවිට පැවති මීටර් 100 තරගයේ ජයත් පෙරළියක් කරමින් ලැබීමට ඉතාලි ජාතික කෙටි ධාවන ශුර මර්සෙල් ජෙකොබ් සමත් විය ..
උසේන් බෝල්ට් විශ්‍රාම ලැබීමෙන් පසුව ඔහුගේ ආධිපත්‍යයට නිත්‍ය හිමි කරුවෙක් නොමැතිව මෙවර තරගය ආරම්භ වූ පසුබිමක පැවති මෙම මිටර් 100 අවසන් මහ තරගය කෙරේ මුළු ලොවේම අවධානය යොමු වී තිබුනේ ලොව වේගවත්ම මිනිසා කව්ද යැයි දැන ගැනීමටය.
ලොව වේගවත්ම මිනිසා තමන් යයි ඔප්පු කරමින් තරගයේ ජය තත්පර 9.8 අවසන් කරමින් ජය ගැනීමට මර්සෙල් ජෙකොබ් සමත් වූ අතර ඇමරිකාවේ ෆ්‍රෙඩ් කෙලි දෙවන ස්ථානය ලබමින් රිදී පදක්කමත් කැනඩාවේ ඇන්ඩ්රේ ග්‍රේස් පසුගිය ඔලිම්පික් උළෙල මෙන් ,මෙවරත් ලෝකඩ පදක්කම හිමිකර ගන්නා ලදී…
ලොව වේගවත්ම මිනිසා වීමේ වරම ලැබූ මර්සෙල් ජෙකොබ් දැනට 26 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ මව ඉතාලි ජාතික කාන්තාවක් වන අතර පියා අප්‍රිකානු ඇමරිකානු සම්භවයක් සහිත අයෙකි ..
මර්සෙල් ජෙකොබ් උපතේ සිට මාස 18 ක් සිය දෙමාපියන් සමග ඇමරිකාවේ කාලය ගත කල අතර පසුව ඔහුගේ පියා දකුණු කොරියාවට පිටත් වීමෙන් පසුව මර්සෙල් ජෙකොබ් සිය මව සමග ඉතාලියට පැමිණ ස්ථිර පදිංචිය තෝරා ගෙන ඇත ..
ඉතාලියේදී කුඩා කල සිටම මලල ක්‍රීඩාවට සම්බන්ද වූ මර්සෙල් ජෙකොබ් ආරම්භයේ කෙටි දුර ධාවන ඉසව් නියෝජනය කරත් පසුව 2011 සිට දුර පැනීමේ ඉසව් සදහා සිය මුලිකත්වය ලබා දෙමින් තමන්ගේ ඉසව්ව ලෙස දුර පැනීමේ ඉසව්ව තෝරා ගන්නා ලදී ..
ඔහු 2016 දී ඉතාලියේ දුර පැනීමේ ඉසව්වේ කිරුල හිමිකර ගත් අතර ඒ අතරම නැවතත් ඔහු කෙටි දුර ධාවන ඉසව් සදහා ද නැඹුරු විය
ඔහු නැවතත් දුර පැනීමේ ඉසව්ව වෙනුවට කෙටි දුර ඉසව් වෙනුවෙන් මුල් තැන දී කටුයුතු කරන්නට විමත් සමග 2021 වසර තුල ඔහුගේ කාල වාර්තා කිරීම දිනෙන් දින දියුණු වූ අතර පලමුව මේ වසරේ මැයි මස තත්පර 10 අඩුවෙන් නිම කරමින් 9.95 අවසන් කල අතර එහි අවසානය වුයේ ඔලිම්පික් උළෙලේදී තත්පර 9.80 අවසන් කරමින් ඔලිම්පික් කිරුල හිමි කර ගැනීම දක්වා ඔහුගේ දක්ෂතා තියුණු වීමයි …
ඉතාලිය පලමුව යුරෝ පාපන්දු කිරුල දිනා ගැනීමෙන් එරට ජනතාවට ඔල්වරසන් හඩ නැංවීමට අවස්ථාව ලබා දුන් අතර අද දින මිනිත්තු 15 තුල උස පැනීමේ ඉසව්වේන් ද ඉන්පසු මිනිත්තු කීපයක් ගතවත්ම ලොව සියලු දෙනාගේ නෙත් යොමුවී තිබු මීටර 100 ඉසව්වේ කිරුළත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතාලියට හිමි කර දීමට එරට ක්‍රීඩකයින් සමත් විය .. ..

– ප්‍රියාන් ගමගේ
අගෝස්තු මස 1 දින රාත්‍රී 9.00
ජෝසප් ඩයස් විසින් රචිත ලිපියක් ඇසුරින් උපුටා ගන්නා ලදී..

Leave A Reply

Your email address will not be published.

17 − 16 =