සුවපත් දිවියකට කාබනික ඖෂධීය පානය – Rolanta

කාර්යබහුල වුවත් නිරෝගී මෙන්ම වස විෂ නැති ආහාරපානවලට නැඹුරු වූ නූතන පරම්පරාව වෙනුවෙන් කාබනික තේ සහ ඖෂධීය ශාකසාර පානයන් රැසක් Rolanta Tea වෙතින් හඳුන්වා දෙයි. මෙය දේශීය වෙළඳපොළ සඳහාම නිර්මාණය වූ නවතම නිෂ්පාදන පෙළක් වන අතර කොරෝනා වසංගතය ඇති වීමත් සමඟම බොහෝ අය නිරෝගී ජීවන රටාවක් ගත කිරීම හා ඉහළ ප්‍රතිශක්තිකරණයක් පවත්වා ගැනීම ගැන විශේෂ සැලකිල්ලක් දක්වන කාල වකවානුව සැලැකිල්ලට ගෙන ශාරීරික හා මානසික සුවයට දායක වන බවට විද්‍යාත්මකව තහවුරු කරන ලද හා ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන වෙනත් ප්‍රබල ස්වාභාවික රස ද්‍රව්‍යයන්වල සාරය මුසු කොට සෑදු  කාබනික ඖෂධීය පාන පෙළකි.

මේ නව නිෂ්පාදන වර්ග 4කින් ලබා ගත හැකි අතර ඒ එක් එක් වර්ගයට ආවේණික මිශ්‍රණයක් හා ඖෂධීය ගුණයක්  ඇතුළත් වීම විශේෂ කරුණකි. ඒ වර්ග 4 වන්නේ Cinnamon herbal drink (කුරුඳු ඖෂධීය පානය), Organic Ginger black tea (කාබනික ඉඟුරු තේ), Organic Moringa (කාබනික මුරුංගා පානය) හා Herb well herbal drink (කාබනික ඖෂධ මිශ්‍රණයක්) යන ඒවාය. මේ එක් සැෂේ පැකට්ටුවක් උතුරන වතුරට දමා විනාඩි 3-5 ක් පමණ තබා පානය කළ හැකිය.

2012 දී සංකල්පනය කරන ලද රොලන්ටා ටී යනු ශ්‍රී ලංකාවේ කාබනික තේ සහ ශාකසාර පාන නිෂ්පාදනය කරන විශාලතම ආයතනවලින් එකකි. ඔවුන් දේශීය හා ජාත්‍යන්තර වෙ‍ෙළඳපොළේ වෙනස්වන අවශ්‍යතාවන්ට අනුව හැඩගැසෙමින් ශ්‍රී ලංකාවේ උසස්ම ගනයේ තේ හා තේ සාරයෙන් සැදූ නිෂ්පාදන හඳුන්වා දෙයි. රොලන්ටා ඖෂධීය ශාකසාර නිෂ්පාදන  මතුගම පිහිටි ඔවුන්ගේම R&D මධ්‍යස්ථානය හා අති නවීන නිෂ්පාදන කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කරනු ලබයි.

රොලන්ටා සමාගම බිහිවූ දා සිට අවුරුදු 7ක් වැනි සුළු කාලයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වූ බෙදාහැරීමේ ජාලයක් පිහිටුවා ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, ජපානය, රුසියාව හා මාලදිවයින යන රටවල්වලට ද බෙදාහැරේ. රොලන්ටා නිෂ්පාදන සුපිරි වෙළෙඳ සල්වලින්, ෆාමසිවලින්, කාබනික නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානවලින් හා ඔවුන්ගේ ෆේස් බුක් පිටුව හරහා මිලදී ගත හැකියි. රොලන්ටා තේ සහ ශාකසාර බීම USDA  කාබනික බවට සහතික කර ඇති අතර එහි නිෂ්පාදන පහසුකම් ජාත්‍යන්තරව පිළිගත් ISO 9001 සහ ISO 22000 ප්‍රමිතීන්ට අනුකූල වේ●

Leave A Reply

Your email address will not be published.

nineteen + twelve =