OPPO වෙතින් වඩාත් දියුණු හා සුරක්ෂිත Flash Charging Technology

ජනප්‍රිය සන්නිවේදන සන්නාමයක් වන ධඡඡධ විසින් පසුගියදා ‘Flash Charging තාක්ෂණයේ මීළඟ අදියර කුමක්ද?’ (What’s Next for Flash Charging?”) යන තේමාව යටතේ OPPO Flash Charge Open Day වැඩසටහන පවත්වන ලදී. එහිදී අධිවේගී ආරෝපණ තාක්ෂණයන් සම්බන්ධයෙන් OPPO සිදුකරමින් සිටින පර්යේෂණවල නවතම ප්‍රතිඵල එළිදැක්වීම සිදුවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ OPPO VOOC Flash Charge සම්බන්ධ ප්‍රධාන විද්‍යාඥ Jeff Zhang මහතා පැවසූවේ “VOOC Flash Charge පද්ධතිය වැඩිදියුණු කිරීමේදී එහි චාජින් ඇඩැප්ටරය, චාජින් කේබලය, PMIC, බැටරිය සහ අනෙකුත් කොටස් සියල්ල සම්බන්ධ වැඩිදියුණු කිරීම් සිදුකර තිබෙනවා. පාරිභෝගිකයන් මෙම තාක්ෂණයේ රැහැන් රහිත ආරෝපණ ක්‍රමවේදය සහ

රැහැන් සහිත ආරෝපණ ක්‍රමවේදය යන දෙකෙන් කුමන ක්‍රමය තෝරාගත්තත් ඒ සියල්ල වැඩිදියුණු කර ඇත්තේ, ඕනෑම තත්ත්වයක් යටතේ ඉලෙක්ට්‍රොනික උපාංග ආරෝපණය කිරීමේදී මතුවන පුළුල් පරාසයක අවශ්‍යතා සපුරාලන ආකාරයටයි” යනුවෙනි.

Flash Charge තාක්ෂණය වැඩිදියුණු කිරීමේදී OPPO කාර්යක්ෂමතාවට හා ආරක්ෂාවට මුල්තැන දීමේ  සංකල්පය පදනම් කරගනිමින් OPPO ආරක්ෂාව සම්බන්ධ පංචවිධ ආරක්ෂක පද්ධතියක් හඳුන්වා දී ඇති අතර, නව අමුද්‍රව්‍ය, නව algorithms, ආරෝපණ සැලසුම් සහ අනෙකුත් සාධක සම්බන්ධයෙන්ද නිරන්තරයෙන් අත්හදා බැලීම් සිදුකරමින් සිටී.

Flash Charge තාක්ෂණයේ පංචවිධ ආරක්ෂක පද්ධතියට අයත් විලායකය (Fuse) විදුලි ධාරාව සම්බන්ධ අසාමාන්‍යතාවක් ඇතිවන ඕනෑම අවස්ථාවකදී ක්ෂණිකව දැවී ගොස් සම්බන්ධතාව විසන්ධි කරයි. මෙහි ඇති Gallium Nitride (GaN ස්විච, සාම්ප්‍රදායික සිලිකන් ස්විච වලට වඩා වේගවත් වන අතර වඩාත් විශ්වාසදායී ද වේ.

A-series bi-cell බැටරිය විදුලි ධාරාව සහ තාප ජනනය අවම කරන අතරම නොවෙනස් බලයක් ලබාදෙයි. OPPO සතු embedded AI algorithms තාක්ෂණයක් වන Battery Safety Detection Chip වෝල්ටීයතා අඩුවීම් ක්ෂණිකව හඳුනාගෙන, බැටරි වලට බාහිර හානි සිදුවී ඇත්දැයි හඳුනා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම නවතම composite current collector භාවිතයෙන් Composite Structure Safety බැටරියක් නිර්මාණය කිරීමටද OPPO සමත් වී තිබේ.

මීට අමතරව, සිය නවතම Smart Charging තාක්ෂණය එළිදැක්වීමටද OPPO මෙහිදී කටයුතු කළේ ය. ආරෝපණ වේගය වඩාත්ම ආරක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීම සඳහා, විවිධ ආරෝපණ තත්ත්වයන් අනුව එම වේගය අඩු වැඩි කිරීමට මෙම තාක්ෂණයට හැකියාව ඇත. VOOC Flash Charge තාක්ෂණය වඩාත් සුරක්ෂිත හා සුහුරු කිරීමට අමතරව, අධික ශීතල පරිසරයන් වැනි විශේෂ තත්ත්වයන් තුළ පවා අධිවේගී ආරෝපණය කාර්යක්ෂම ලෙස පවත්වාගත හැකි ක්‍රමවේදයන් හඳුනා ගැනීම සඳහා OPPO දිගින් දිගටම පර්යේෂණ සිදුකරමින් සිටී●

Leave A Reply

Your email address will not be published.

17 + 3 =