ආයුබොවන්ඩ ජී.ඇල්.,

පුරස්න පිට පුරස්න මතුවෙලා තියෙන මේ වගෙ ජාමෙක ලියුං කඩදාසි ලිය ලියා ඩිස්ටර්බ් කොරනවාට හිත කලබොල කොරගන්ඩ එපා ප්‍රොපෙසෑර්. තමුන්නැහැගෙ බාරෙ තියෙන ඉස්කෝල, විස්සවිද්දියාල ඔක්කොම අවුල් කොරලා හැටනම ලක්සයක් එකතු වෙලා හදා ගත්තු දේසපෙරේමි ආණ්ඩුව කඩාකප්පල් කොරලා දාන්ඩ නං කීයටවත් ඉඩ දෙන්ඩ එපා කියා ඉල්ලා හිටින්ඩයි මේ තරං වැඩ රාජකාරි අස්සේ මේ ලියමන හැරෙන තැපෑලෙට දැම්මේ.

අපිට නං හිතෙන්නෙම ආයිබොවන්ඩ ඔය ගුරාලා පිටිපස්සෙ අදුර්සමාන හස්තයක් තියෙනව කියලමයි. නැත්තං ඉතිං අර ඩෙල්ටාව ද මොකා ද කියන කොරෝනා මාරයත් කඩාපාත්වෙලා ඉන්න මේ වගේ තීරණාත්මක මොහොතක ගුරාලට තියා ඉස්කෝලවල ඩෙස්, බංකුවල ඉන්න මකුණෙකුටවත් වටිනව ද රට ගලවා ගත්තු මුන්නැහැලට විරුද්දව පාරවල්වලට බහින්ඩ. කාලකණ්ණි ගුරාලා මඳිවට විස්සවිද්දියාලවල ඇදුරු හැතිකරෙත් දැන් තමුන්නැහැට කෝචොක් කොරන්ඩ පටන් අරං නේ ද…? ඔහේගෙ දැන උගත්කොමටයි, නිහතමානිකොමටයි ඔහොම ඉවසා වදාරගෙන හිටියට ජොනී වගේ පොරක් උන්නනං මෙලහකට රට හතර වටේම කපුටු පිහාටු එල්ලල හමාරයි.

අපිට දැනගන්ඩ ලැබුණු විදිහට නං බැසිල් සෑර් ආවට පස්සේ බාණ්ඩාගාරෙ පිරිල ඉතිරිල පිටාරත් ගලනවලු… ඩොලර් බිලියනයක චැක් එකකින් පටස් ගාලා ණය වාරිකේ ගෙවලා දැම්ම කියන්නෙ හැබෑ ද ප්‍රොපෙසර් ? ආණ්ඩුව බංකොළොත්ය කියන විපක්සෙ එකාලට හොඳ පාඩමක් උගන්නංඩත් එක්ක අන්න එහෙම ටොයිස් වැඩ තමා පෙන්නන්ඩ ඕනා ආයිබොවන්ඩ. බාගෙ වෙලාවට බැසිල් ලොක්කා පහුගිය දවස්වල ගමේ ගියේ එහෙ තියෙන ගෙවල්, දොරවල්  උගස් කොරලවත් ඔය ඩොලර් ටික අරං එන්ඩ වෙන්ඩෑ මයෙ හිතේ. ඔන්න ඔහොම වැඩ දානව නං ඉතිං එදා වේල කන්ඩ නැති වුණත්, ජාතික අබිමානෙ වෙනුවෙන් අපි පරාණ කූඩුව වුණත් පූජා කොරන්ඩ සූජානං කියලා මතක ඇතුව සෑර්ට කියන්ඩ හොඳේ.

ඔහේටත් දැන් තියෙන්නෙ බැසිල් සෑර් කොළා වගෙ අර හිඟන ගුරාලගෙ ඇරියර්ස් එකත් සුරුස් ගාලා ගෙවල දාන්ඩයි. මේ දවස්වල අතේ මිටේ සල්ලි හිඟ නං රාජපක්ස බේබි කෙනකුට කියලා ඩේසි ආච්චිට පයිංඩයක් යැව්වහම හොඳටෝම ඇති. හොඳයි ගුරාලගෙ පුරස්නෙ එයාකාරෙට ෂේප් කොර ගත්ත කියමුකො. එතකොට විස්සවිද්දියාල ඇදුරන්ටත් කීයක් හරි දික් කොරලා වැඩේ සැටල් කොර ගන්ඩ ඇහැක් වෙයි කියල ද ජීඇල් හිතන්නෙ. අර පූටා ද මොකා ද කියන බයානක සතකුගෙ නමක් නෙ ආයිබොවන්ඩ උං දාගෙන තියෙන්නෙත්. උන්දැලා කියන්නෙ අද්දියාපනේ මිලිටේරි කොරනව ද මොකක්දෝ හරුපයක් ගැන නෙ.

අපේ ලොකු සෑරුත් නමගිය මිලිටේරිකාරයෙක් හංදා ඔය අනිත් එව්වා වගෙම අද්දියාපනෙත් මිලිටේරි කොරල දාන්ඩ කල්පනා කොළා වෙන්ඩ ඇති. මොකද උන්නැහැට හොඳටම කොරල පෙන්නන්ඩ ඇහැක්කෙත් ඉතිං මිලිටේරි කොරොමෙට විතර නේ. නිකමට හිතල බලන්ඩකො ජීඇල්, දැන් පවිත්තරා නෝනා කොරෝනා මර්දනේ  කොරගෙන යන අපූරුව. හොඳයි සවුක්කිය සේවෙ මිලිටේරිකොරනෙ නොකළ නං එතුමියට තනිමංසලේ එහෙම සිල්ප දක්කන්ඩ ඇහැකි වෙයි ද මං අහන්නෙ…?

තමුන්නැහැගෙ අනාගත ගමනට ඊරිසියා කොරන උං කියන්නෙ නං ජීඇල්ගෙ සැටිපිකේට්වල හැටියට නං ඔය අනාගත්ත අනාගැනිල්ල හොඳටම මඳි කියලයි. ඕවා අහලා හිත අප්සැට් කරගන්ඩ එපා ආයිබොවන්ඩ. මොක ද? මේ වෙලාවෙ තමුන්නැහැ පේල් වුණොත් කාරිය දැන් ඩබොල් ප්‍රමෝසන් ගහලා ඉන්න දුමින්ද වගේ වැඩකාරයෙක්ව අපෙ සෑර් ඔහේගේ පුටුවෙ ඉන්දවන්න බැරි නැති හංදා●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

13 − thirteen =