කියුබාවට අත නොතබනු ! රෝමයේ උද්ඝෝෂණයට ජවිපෙ සහය!

ඇමරිකා එක්සත් ජනපද අධිරාජවාදීන් විසින් කියුබාවේ ස්වෛරීභාවයට එරෙහිව කරනු ලබන අතපෙවීම් නැවතීමට, අයුක්තිසහගත ආර්ථික සම්බාධක ඉවත්කිරීමට බලකරන උද්ඝෝෂණයන් මේවනවිට ලොවපුරා ප්‍රගතිශීලී ව්‍යාපාරයන් විසින් සංවිධානය කරනු ලබමින් තිබේ.
ඊට සමගාමීව ඉතාලියේද නගර ගණනාවකදී කියුබාවට සහය පළ කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයන් ක්‍රියාත්මක වෙමින් තිබේ.
කියුබානු ජනතාවට ඓතිහාසික වශයෙන් වැදගත් දිනයක් වන මොන්කාඩා ප්‍රහාරය දියත් කළ ජුලි 26 දින රෝමයේ කියුබානු තානාපති කාර්යාලය අසළදී රෝමයේ ප්‍රගතිශීලී ව්‍යාපාරයන් විසින් සංවිධානය කළ කියුබානු රජයට, කියුබානු ජනතාවට සහය පළ කරන උද්ඝෝෂණයක් සතියේ වැඩකරන දිනයක් වුවද විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. උද්ඝෝෂණය අවසානයේ ඉතාලියේ කියුබානු තානාපති සහෝදරයාද උද්ඝෝෂණයට එක්වෙමින් ඉතාමත් උද්වේගකාරී කතාවක් කළේය.
මෙම අවස්ථාවට එක්වූ ජනතා විමුක්ති පෙරමුණ-ඉතාලි කමිටුවේ නියෝජනය සහ කියුබාවට ජාත්‍යන්තරවාදී සහයෝගිතාවය ප්‍රකාශ කිරීමද විශේෂ ඇගයීමට ලක් විය.

Leave A Reply

Your email address will not be published.

two × three =