ඉන්දියාව පරාජය කර ශ්‍රී ලංකාව ලබා ගත් පළමු T 20 තරඟාවලි ජය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන සහ අවසන් පන්දුවාර 20 තරඟය ශ්‍රී ලංකාව ජය ගත් අතර ඒ අනුව ඔවුන් විස්සයි 20 තරඟාවලිය ද ජයග්‍රහණය කළේය.
මේ අනුව විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන සහ අවසන් පන්දුවාර 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 81 කට දැවී ගියේය. එහිදී කුල්දීප් යාදව් නොදැවී ලකුණු 23ක් රැස්කළ අතර බුවනේශ්වර් කුමාර් ලකුණු 16ක් රැස් කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14.3 කදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 82 ලබා ගනිමින් තරඟය ජය ගත්තේය. මෙහිදී ධනංජය ද සිල්වා 23, වනිඳු හසරංග 14 ක් ලබා ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා ආර් ප්‍රේමදාස පිටියේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඉන්දීය කණ්ඩායම මෙම තරගයට පිවිසුනේ නවක ක්‍රීඩකයින් ගොන්නක් සමඟිනි.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 5ම මුලු ලකුණු සංඛ්‍යාව 36ක් වෙද්දී බිඳ දැමීමට ශ්‍රී ලංකාව සමත් විය.

මෙහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සිය පන්දුවාර 4 තුලදී ලකුණු 9ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 4ක් දවා ගැනීම විශේෂ සිදුවීමකි.

මෙය ඉන්දියාව පරාජය කර ශ්‍රී ලංකාව ලබා ගත් පළමු T20I තරඟාවලි ජය ලෙස වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.

17 − 9 =