මාධ්‍යවේදී නන්දන වීරරත්න සීඅයිඩීයට කැඳවයි !

මාධ්‍යවේදී නන්දන වීරරත්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දීමක් කර ඇත.
මහරගම පොලිසිය හරහා අදාළ මාධ්‍යවේදියාට දැනුම් දී ඇත්තේ හෙට (30) උදෑසන 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය ඉදිරියේ පෙනී සිටින ලෙසයි. තමන්ව මෙසේ කැඳවීමට හේතුව මාධ්‍යවේදියා විසින් විමසා ඇතත්, ඊට නිශ්චිත පිළිතුරක් පොලිසිය පාර්ශ්වයෙන් මෙතෙක් ලබා දී නැත.
බීබීසී සිංහල සේවය, රාවය පුවත්පත ඇතුළු ආයතන රැසක අත්දැකීම් ඇති ඔහු මේ වන විට නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි.

Leave A Reply

Your email address will not be published.

4 × two =