අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

‘අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය’ සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (29) පෙරවරුවේ සිදුව තිබේ.

කොතලාවල විශ්වවිද්‍යාල පනත පරාජය කිරීම සඳහා ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වී ඇත.

අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය නියෝජනය කරමින් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ජානකී ජයවර්ධන, සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක යන අයද ජාතික ජනබලවේගය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ මහින්ද රත්නායක යන අය මෙම සාකච්ඡාවට සහභාගි වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

sixteen − fifteen =