දින ගණනකට පසු වැඩිම මරණ පෙරේදා (27) 63 ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 63 දෙනකු පෙරේදා (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (28) පස්වරුවේ තහවුරු කළේය.
මේ අතර 27 දින කොළඹ ජාතික රෝහලේ පමණක් කොවිඩ් අසාදිත මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.
පසුගිය මාසයක පමණ කාලය තුළ දිනක් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව පෙරේදා (27) වාර්තා වී තිබේ.
මේ අතර දින ගණනකට පසු ඊයේ (28) දිනයේ ආසාදිතයන් ගණන 1919 ක් බවට පත්වී තිබේ.

පෙරේදා දින වාර්තා වූ මරණ 63 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,258 ක් දක්වා ඉහළ ගියේය. මියගිය පුද්ගලයන් අතර වයස 30 ට අඩු කාන්තාව ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.

three − 2 =