හිස්බුල්ලා ගෙනාවේ බැසිල් – පොරොන්දුව මඩකලපුව විශ්වවිද්‍යාලය දෙන දෙන එක

නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීන්දු කර ඇත්තේ, බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගයක් පවසයි. අනෙතුත් ප්‍රධාන අපේක්ෂකයන් වෙත ලැබීමට නියමිත නැගෙනහිර මුස්ලිම් ජනතාවගේ ඡන්ද හිස්බුල්ලා ලවා යම් පමණකින් හෝ කැඩීම බැසිල් රාජපක්ෂගේ අරමුණ වී ඇතැයි ද පැවසේ.

බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලා සමග නැගෙනහිර පළාතේ මැතිවරණ කටයුතු මෙහෙයවීම ‘ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ‘ඩමී’ අපේක්ෂකයකු වන සිරිපාල අමරසිංහ වෙත පවරා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි. 

වැඩිදුරටත්  වාර්තාවන පරිදි බැසිල් රාජපක්ෂ විසින් හිස්බුල්ලාව මෙවැනි පියවරකට එකඟ කරවාගෙන ඇත්තේ,  ඔහු විසින් ඉඳිකරමින් පවතින නැගෙනහිර පෞද්ගලික විශ්ව විද්‍යාලයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ වහාම අනුමැතිය ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.

කෙසේවුවද මෙම සරසවියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කළ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ද මේවනවිට ගෝඨාභය රාජපක්ෂය සහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

Leave A Reply

Your email address will not be published.

twelve − 6 =