කීර ගොවියෝත් පාරට බසිති

නැඟෙනහිර හලාවත, මිනුවන්ගම කීර ගොවීන්ගේ ගොවිතැන් කටයුතු අඩාළ වීමෙන් ඔවුන් ඇතුළු ඒ ආශ්‍රිත රැකියාවල නියුතු වූවන් 3,500කගේ ජීවිකාව අහිමි වී ඇතැයි එම ගොවි ජනතාව පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ, දැනට රට තුළ ඇති පොහොර හිඟය මෙම අර්බුදයට හේතු වී ඇති බවයි. මෙම ප්‍රශ්නයට විසැඳුම් ඉල්ලමින් සහ පොහොර හිඟයට එරෙහිව ආණ්ඩුවට විරෝධය දක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දැදුරු ඔය ආසන්නයේ ගොවි බිම්වල දී එම ජනතාව විසින් විරෝධය දක්වනු ලැබී ය.
පසුගිය 20 වැනි දින දැදුරු ඔය ‘දෑලවර ගොවි සංවිධානය’ විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි●
ආර්. ජයසේන – හලාවත
Leave A Reply

Your email address will not be published.

14 + thirteen =