ප්‍රශ්න උග්‍ර වෙයි – ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම්කාරී තත්ත්වය පසුගිය දිනවල උත්සන්න වූ අතර මීළඟ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තරඟ කළ යුතුය යන තීරණය ඇතිවන තත්වය දක්වා වර්ධන වී තිබෙන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මීළඟ පළාත් පාලන මැතිවරණයේදී තනිව තරඟ කල යුතුය යන කරුණ ඇතුළත් යෝජනාවලියක් දිස්ත්‍රික්ක මට්ටමින් සම්මත කිරීමට එම පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් තීරණය කරමින් සිටින බවද වාර්තා වේ.

දිස්ත්‍රික්ක මට්ටමින් මෙම යෝජනාවලිය සම්මත කිරීමෙන් පසුව එය පක්ෂය වෙත යෝජනා කිරීමටද සැලසුම් කරන බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර ඔවුන්ගේ තීරණය වී ඇත්තේ තවදුරටත් ආණ්ඩුව සමඟ එක්ව දේශපාලන කටයුතු නොකර පක්ෂය නැවත තනි දේශපාලන ගමනක් යායුතු බවට යි.

Leave A Reply

Your email address will not be published.

ten − one =