TECNO Camon 17 දුරකථන දැන් ශ්‍රීලංකාවේ

ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට් ෆෝන් සන්නාමයක් වන TECNO  හි නවතම මාදිලිය වන TECNO Camon 17 පසුගිය දා ශ්‍රී ලංකාවට නිලවශයෙන් හඳුන්වා දෙන ලදී. අඩු ආලෝක තත්ත්වයන් යටතේ පවා විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාදෙන TECNO AI Vision Optimization Solution (TAIVOS) තාක්ෂණය මීට ඇතුළත් වී ඇත. එමෙන්ම මෙහි සෙල්ෆි කැමරාව, වෙළෙඳපොළේ වඩාත්ම පැහැදිලි ඡායාරූප ලබා දෙන සෙල්ෆි කැමරාව ලෙස ද සැලැකේ. එහි සන්නාම තානාපති ලෙස කටයුතු කරනුයේ, සුපිරි හොලිවුඩ් නළු ක්‍රිස් එවන්ස් ය.

CAMON 17 මාදිලිය හඳුන්වා දීමේ උත්සවය පසුගිය ජූලි 16 දින පැවැත්වුණු අතර එය TECNO නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ විකාශය කරන ලදී. ජනප්‍රිය රංගන හා නිරූපණ ශිල්පිනී රොෂෙල් රොජර්ස්, සිනමාත්මක නිර්මාණ ශිල්පී CJ සහ තාක්ෂණ ලොවේ ජනප්‍රිය තරුවක් වන ‘චනුක්ස් බ්‍රෝ’ ඇතුළු තරු රැසක් ද මීට එක්වූහ. TECNO Camon 17 මාදිලියට අමතරව SPARK 7, SPARK 7 PRO, CAMON 17 PRO සහ POVA 2 යන මාදිලි ද මෙහි දී හඳුන්වා දෙනු ලැබී ය.

“ශ්‍රී ලංකාවේ දුරකථන වෙළෙඳපොළට පිවිසීමට ලැබීම අපට මහත් සතුටක්. මෙරට පාරිභෝගිකයන්ගෙන් අපට උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. 2006දී ආරම්භ වූ TECNO, ලොව පිළිගත් වෙළෙඳපොළ සමීක්ෂණ සමාගමක් වන IDC විසින් 2020 4 වැනි කාර්තුවට අදාළව නිකුත් කළ දත්තවලට අනුව ලොව ප්‍රමුඛතම සන්නාම 10 අතරට පැමිණ තිබෙනවා.” TECNO Sri Lanka අධ්‍යක්ෂ Ray Chaw මහතා පැවසී ය.

වෘත්තියෙන් ගුරුවරියක වන නදීශානි විජේසූරිය මෙහිදී SPARK 7 PRO මාදිලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, සහනදායී මිල, පහසුවෙන් භාවිත කළ හැකි UI පද්ධතිය සහ සුවිශේෂී බැටරිය වැනි සාධක නිසා මෙය ‘ඔන්ලයින්’ ඉගෙනුම් කටයුතු සඳහා දරුවන්ටත්, ගුරුවරුන්ටත් ඉතාමත් සුදුසු බවයි●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

4 + 17 =