පවරා ගත් ඉඩම්වල ගස් කපන්නේ මොන හේරත්ගේ මැරයන් ද?

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා රජයට පවරා ගත් ඉඩම්වල ගස් කපා විකුණන දැව ජාවාරමක් රඹුක්කන ප්‍රදේශයෙන් වාර්තා වේ. රඹුක්කන, කුඩාගම ප්‍රදේශයේ සොහොන් පිටියක කොටසක් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමට මෙලෙස පවරාගෙන ඇති අතර, එම ඉඩමේ තිබූ කොස් ගස් 08ක් හා මැහෝගනී ගස් 15ක් කපා ඉවත් කර ගැනීමට රඹුක්කන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු කටයුතු කරමින් සිටිය දී, රඹුක්කන, නාරම්පනාව විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු එය වටලා ඇත.

එහෙත්, එම නිලධාරීන්ට එක්තරා රාජ්‍ය ඇමතිවරයකු විසින් බලපෑම් කර මෙම දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම වළකා ඇති බව හෙළි වී තිබේ. කෙසේ වෙතත්, මෙම සිද්ධිය හෙළිදරව් වීමෙන් පසු අදාළ දැව තොගය රාජ්‍ය දැව සංස්ථාවට භාර දුන් බව පවසමින්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළ ම පරිපාලන නිලධාරියකු හා රඹුක්කන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එක්ව මෙම සිද්ධිය යට ගසා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ, අධිවේගී මාර්ගයට තමන්ගෙන් පවරා ගන්නා ලද ඉඩම්වල වටිනා ගස්කොළන් බලහත්කාරයෙන් කපාගෙන යන බවත්, ඊට විරුද්ධ වන තමන්ට මැර තර්ජනවලට මුහුණ දීමට සිදු වී ඇති බවත් ය●

එච්. ඒ. ජයතුංග – රඹුක්කන
Leave A Reply

Your email address will not be published.

three × 2 =