ඔලිම්පික් උළෙලේදී නිලූක කරුණාරත්න පළමු මූලික තරඟයෙන් පරාජය වෙයි

ශ්‍රී ලංකාවේ ජාතික ශුර නිලූක කරුණාරත්න ටෝකියෝ ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පළමු මූලික තරඟයට අද (24) පස්වරුවේ සහබාගී වූ අතර එහිදී ඔහු පරාජයට පත් විය.

නිලූක මෙහිදී තරඟ වැදුණේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 10 වන ස්ථානයේ රැඳී සිටින චීන-තායිපේ ක්‍රීඩක Wang Tzu-Wei සමගය.

මෙම තරඟයේදී 21-12 සහ 21-15ක් ලෙස 2-0ක් කින් තරඟය ජයගැනීම⁣⁣ට චීන-තායිපේ ක්‍රීඩක Wang Tzu-Wei සමත් විය.

නිලූක කරුණාරත්න ලෝක ශ්‍රේණිගත කිරීම්හි 114 වන ස්ථානයේ රැඳී සිටින අතර සහභාගී වන මූලික වටයේ දෙවන තරඟය 26 වනදා ලෝක ශ්‍රේණිගත කිරීම්හි 53 වන ස්ථානයේ පසුවුන අයර්ලන්ත ක්‍රීඩක Nguyen Nhat සමග පැවැත්වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

2 × 1 =