ආසාදිතයින්ගේ වැඩිවීමක්, අද (24) 1707 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1707 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන තිබෙන බව සංඛ්‍යාව අංශ සඳහන් කරයි.

මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,820 ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර මේ දක්වා මෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනෙකු ලෙස සටහන් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (24) ඒ බව ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී පමණක් ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

18 − six =