රිෂාඩ් බිරිය ඇතුළු සිවු දෙනා 26 රඳවා ප්‍රශ්න කිරීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇගේ පියා, සහෝදරයා සහ දැරිය කොළඹට ගෙනා ආ තැරැව්කාර පුද්ගලයා ලබන 26 දක්වා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි.
මෙම පිරිස රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා විසින් අද(24) පොලීසියට අවසර ලබා දෙන ලදී.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ට අනුව ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට සඳහන් කරමින් පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නේය.

Leave A Reply

Your email address will not be published.

10 + 3 =