ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස ‘බජාජ්’ තේරී පත්වේ

බජාජ් මෝටර් සයිකල් සන්නාමය නොකඩවා තෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස ‘බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා’ විසින් ඔවුන්ගේ 18 වන වාර්ෂික සන්නාම සමාලෝචනයේ දී තෝරාගෙන ඇත.

ලෝකයේ හතරවන විශාලතම මෝටර් සයිකල් නිෂ්පාදකයා වන බජාජ් මෝටර් සයිකල් පෙළ ‘සීටී 100’, ‘ප්ලැටිනා’, ‘ඩිස්කවර්’, ‘ඇවෙන්ජර්’, ‘පල්සර්’ යන මාදිලිවලින් සමන්විත වන අතර, ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව, මැදපෙරදිග, දකුණු සහ අග්නිදිග ආසියාව ඇතුළු රටවල් 72කට අධික සංඛ්‍යාවක මේ වන විට අලෙවි කරනු ලබයි.

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා විසින් ඔවුන්ගේ වාර්ෂික සන්නාම සමාලෝචනයට බජාජ් සන්නාමය 2011 වසරේ සිට ඇතුළත් වූ අතර 2019, 2020 සහ 2021 වසරවල ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස ඔවුන් විසින් බජාජ් සන්නාමය නම් කරන ලදී.

එක් එක් ක්ෂේත්‍රයට අයත් සන්නාම සඳහා ජනතාව ලබාදෙන ප්‍රතිචාරය වගුගත කර ලැබෙන දත්ත විශ්ලේෂණය කිරීමෙන් වැඩිම ප්‍රතිචාර හිමි වී ඇති සියලු සන්නාම බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා නම් කරනු ලබයි. මෙම වැඩසටහන සඳහා සන්නාම ඇතුළත් කරනු ලබන්නේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනයේ ඇති සන්නාම පිළිබඳ දත්ත ගබඩාව සහ පසුගිය වසර 10 ඇතුළත රැස් කර ගත් ඉතිහාසගත තොරතුරු පාදක කර ගනිමිනි.

“එක දිගට වසර 03ක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය කරන මෝටර් සයිකල් සන්නාමය ලෙස බජාජ් නාමය සම්මානයට පාත්‍ර වීම සම්බන්ධව අපි ඉමහත් ලෙස ආඩම්බර වනවා. බජාජ් සන්නාමය සහ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කෙරෙහි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් අපගේ පාරිභෝගිකයන්ට කෘතඥතාව පුද කරන අතරම පාරිභෝගිකයන් වෙනුවෙන්ම කැපවෙමින් තම රැකියාවේ රාමුවෙන් ඔබ්බට ගිය පාරිභෝගික

සේවයක් ලබා දීම සම්බන්ධව අප සේවක මණ්ඩලයට ද ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන්ගේ කැපවීම අප සන්නාමයේ ශක්තිය බවට පත් වී ඇති බව පිළිබිඹු කරන පැහැදිලි අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්” යැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා මහතා පැවසුවේ ය.

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් බජාජ් සහ KTM මෙරට එකම බෙදාහැරීමේ නියෝජිතයා ලෙස දශක හතරකට අධික කාලයක් තිස්සේ කටයුතු කරනු ලබයි●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

fourteen − eleven =