වී මිල දී ගැනීමේ දී ගොවීන් රවටයි

මෙවර යල කන්නයේ වී මිල දී ගැනීමේ දී ආණ්ඩුව නැවත වරක් තමන්ව රවටා ඇති බව කන්තලේ ගොවි ව්‍යාපාර එකමුතුව පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, වී අලෙවි මණ්ඩලය වියළි වී කිලෝවක් රුපියල් 50.00කට මිල දී ගන්නා බව සඳහන් කළ ද, මෙවර යල කන්නයේ තෙත වී කිලෝවක් රුපියල් 45.00කට ගෙන තම ගබඩාවලට රුපියල් 50.00ට නැවත ලබා දෙන ලෙස ආණ්ඩුවේ නියෝජිතයන් විසින් පෞද්ගලික ගැනුම්කරුවන්ට දැනුම් දී තිබෙන බවයි.

කන්තලේ ව්‍යාපාරයේ මෙම යල කන්නය තුළ අක්කර 25,000ක් පමණ වී වගා කර තිබෙන අතර, පෞද්ගලික අංශයේ අතරමැදියෝ තෙත වී කිලෝවක් රුපියල් 49.00ක් වැනි මිලකට මිල දී ගැනීමට කටයුතු කරමින් සිටිති. ඒ, වී අලෙවි මණ්ඩලය වියළි වී කිලෝවක් සඳහා රුපියල් 50.00ක සහතික මිලක් ලබා දී තිබිය දී ය. කෙසේ වෙතත්, මෙම තත්ත්වය තුළ පසුගිය දා කන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා, මන්ත්‍රීවරුන් සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් එක්ව රැස්වීමක් කැඳවා කන්තලේ ප්‍රදේශයේ වී ගැනුම්කරුවන්ට දැනුම් දී ඇත්තේ, තෙත වී කිලෝවක් රුපියල් 49.00කට මිල දී ගැනීම නවතා රුපියල් 45.00කට ලබා ගන්නා ලෙසත්, එම වී නැවත වියළා කිලෝ එකක් රුපියල් 50.00 බැගින් වී අලෙවි මණ්ඩලයට ලබා දෙන ලෙසත් ය. මේ සම්බන්ධයෙන් කන්තලේ ව්‍යාපාර ගොවි එකමුතුවේ සභාපති, ජවිපෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ඉන්දික පරණවිතාන පවසන්නේ මෙවැනි අදහසකි:

“වී මීල දී ගැනීමේ දී ආණ්ඩුව පරණ විදියට ම ගොවීන් රවටමින් සිටිනවා. මණ්ඩලය වී ගන්නවා කිව්වාට, වී කොටන්න වංගෙඩියක්වත් නැහැ. ආණ්ඩුව ගොවියා හිර කරලා, පාරිභෝගිකයා රකිනවා වාගේ පෙන්වන්න උත්සාහ කරනවා. නමුත්, මෙතැන දී ගොවියා රැකෙන්නෙත් නැහැ. පාරිභෝගිකයාට ලැබෙන සහනයකුත් නැහැ. සිද්ධ වෙන්නේ පෞද්ගලික අංශයේ වී මෝල් හිමියන් හා අතරමැදියන් ශක්තිමත් වීම පමණයි. දැන් වී කිලෝව රුපියල් 50.00කට දෙන්න බැහැ. පොහොර ප්‍රශ්නයට අමතරව සියලු යෙදැවුම්වල මිල ඉහළ ගිහින්●

ආර්. ජයසේන – කන්තලේ
Leave A Reply

Your email address will not be published.

17 − 1 =