ආයිබෝවන්ඩ දුමී

අපි හිතාගෙන උන්නෙනං සමාව දීපු ගමන් අපෙ සෑර් ඔහෙව සිංගප්පුරුවට හරි ඒරොප්පෙට හරි හදිසි පොතිකර්මවලට පිටත් කොරල යවයි කියලයි. ඒත් මෙන්න බොලේ මහා අසාද්දිය ආතුරයෙක් හැටියට නම් දරාගෙන උන්නු ඔහේව හැරෙන තැපැලෙන් නිවාස සංවර්දනේ මහපුටුවෙම ඉන්දවලා. ඒ විස්මකර්ම බෙරේකින් නිවුස් එක අහලා අපේ පස්සාත්බාග ගිනිහං වුණා ආයිබොවන්ඩ. ඔහේගෙ බඩවියත රැකගන්ඩ මඟක් පාදලා දෙන එක මේ දවස්වල රටේ තියෙන දැවෙනම පුරස්නෙ බව දැනගත්තට පස්සෙ අපේ පස්සාත් බාග පැත්තෙන් ආපු හිනහව නතර කොරගත්තෙ නං හරිම අමාරුවෙන් දුමී. ඒක අපේ වරදකින් සිද්ද වෙච්චි සංසිද්දියක් නොවන හංදා අනේ අපිත් එක්කත් ගේමක් ඉල්ලන්ඩ නං එන්ඩ එපා රජෝ.

දුමී උන්නැහැට නිදහස ලැබුණට ඊරිසියාවෙන්, කොරෝදයෙන් මෙහෙම කතන්දර කියනවා හෙම නෙමේ ආයිබොවන්ඩ. හිංගල බවුද්ද සඟිස්කුරුතියෙ උරුමක්කාරයෝ හැටියට සතා, සිවුපාවා ගැන අප්‍රමාණ දයානුකම්පාවක් තමුන්නැහැලාගේ හුර්දවල පතුලටම කිඳාබැහැලා තියෙන විත්තිය අපි හොඳාකාරවම දන්නවා. ඒ පින් බලේ ආනිසංසෙන් දුමීගේ සියලු රෝග, ආබාද එකසැණින් සුවපත් වෙන්ඩ ඇති කියන විස්වාසෙත් අපිට තියෙනවා. අපෙ සෑර් ආරක්සාව බාර මහඅදිකාරම් හැටියට වැඩ කොරපු සමයේ උන්නැහැගේ බොඩිගාඩ් වගේ උරෙන් උර ගැටෙමින් කොලොම්පුරේ මහා පැල්පත් සංහාරෙට ඔහේගෙ පුල් සප් එක දීපු හැටි නං හුදී ජනයාට හොඳටම මතක ඇති. එහෙම නැත්නං දුමී නිදහස ලැබුවා ය කියන පයිංඩේ ලැබුණ වෙලාවේ හිටං සද්ද පූජා, කිරිබත් පූජා පවත්තමින් පරමෝදය පොරකාස කොරාවියැ ඉතිං.

රට, දැය, සමය වෙනුවෙන් අත-පය විසිකොරලා සේවය කොරන කොට කොයි සිටුවරයා අතින් ද පුංචි පහේ මිස්ටේක් නොවෙන්නෙ නේද දුමී ? එහෙම බයි මිස්ටේක් ටිකක් ඔහේ අතිං සිද්ද වුණත්, ඒවා ඔක්කොම බලාස් කොරලා දාන්ඩ ඇහැක් තරමටම මේ වංගියෙ සෑර්ට ගෙඩිය පිටිං තුනෙන් දෙකක්ම ලැබුණෙත් ඔහේ ඒ සංදියේ රැස් කොරගත්තු පින්-කුසල්වල ආනිසංසෙන් වෙන්ඩම ඕනෑ. මක්ක වුණත්, ඔහේව නිදහස් කිරීමෙන් නතර නොවී නිවාස සංවර්දනේ මහබලදාරියා බවට පත් කොරපු එක නං ඇමෙරිකානු සුපිරි දැනුමේ ආබාසෙ ලබපු රුහුණු පුත්තරයෙක් හැටියට අපේ සෑර්ගේ බොක්කෙන්ම එන හොඳටම කිරීමේ හැකියාවට හොඳම සාක්කියක්.

දුමී දැන් ඉතිං පරණ කතන්දර අවුස්ස අවුස්සා ඔහේගේ ඉදිරි ගමනට බාදා කොරන සෝසල් මීඩියාකාරයන්ටයි වාමාංසික ලේබල් ගහගත්තු ඇන්ජීයෝ කාරයන්ටයි  හොඳ රිටර්න් එකක් දෙන්ඩත් කාලෙ හරි නේ ද? දැනටමත් උංව ආණ්ඩු මට්ටු කොරන්ඩ පමා වුණා වැඩි ද මංදා… කොහෙද ඉතිං අපේ සෑර්ගේ සත්ත කරුණාවත් එක්ක මක්කවත් කොරන්ඩ ඇහැකැයි. ඒ යක්කු මඳිවට කාලකණ්ණි ගුරාලයි, අර ගොයිතැන් කොරනව ය කියන හිඟන හැත්තයි නැති පුරස්න අල්ලගෙන රට ගිනි තියන්ඩ පාරම්බානවා නේද මේ දවස්වල. සෑර්ට චන්ද කාලෙ ජයසුන්දරලා, ලලිත්ලා වගේ බකපණ්ඩිතයො දීපු ලණුවක් කාලා තමයි ඔය විපත කොරගත්තෙ. රිදීමාලියද්ද, වනසපුගල වනාන්තරවල වානරයො වගේ ඉන්න මෝඩ හැතිකරේට නිකං පෝර දෙන පොරොන්දුව ටක්කෙටම අර උපදේශකයන්ගෙ තකතීරු වැඩක් බව සෑර්ට කියල දෙන්ඩ තමුන්නැහැ වගේ ටොයියෙක් සෑර් ළඟ නොහිටපු  එකේ පාඩුව දැන්වත් සෑර් තේරුං ගත්ත එක නං ලොකු දෙයක්.

ගිය නුවණ දුමී ලව්වවත් ඇදගන්ඩ ඕනෑ කියලා වෙන්ඩැති නේද සෑර් ඔහේව සුද්ද පවිත්තර කොරලා බැටෑලියන් එකේ ඉස්සරහටම අරං තියෙන්නෙ. සෑර්ව ඊළඟ වටයෙනුත් ගොඩ දාගංඩ ඕනෑ නං මුලින්ම මොළෙන් හිතන උං ටික කම්බස් කොරලා දාන එක තමා ඔහේ වගේ සරීරෙන් හිතන පොරකට සෑර් වෙනුවෙන් කොරන්ඩ ඇහැකි සුපිරිම වැඩේ දුමී. මොකා එක්ක ගුස්ති ඇල්ලුවත් ආයෙත් කල්දේරන් බතේ රහ බලන්ඩ නං අපෙ සෑර් දුමීට ඉඩ දෙන එකක් නැති බව කිරිගහට ඇන්නා වගේ කියන්ඩ ඇහැකියි. මොකද ඔහේ මැඩිකල් කොන්ඩෙම් වෙච්ච හාදයෙක් නෙ ඉතිං…!

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.

6 + nine =