චීනය සමඟ ලක්විජය මෙහෙයුම් ගිවිසුමක් : අනුමත කරන්න බෑ

- විදුලිබල ඇමැති

ලක්විජය විදුලි බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු උපදේශන සේවා වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ CMEC සමාගම සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 67ක් වටිනා ගිවිසුම් අත්සන් කර තිබේ.

මේ සඳහා පූර්ව කැබිනට් අනුමැතියක් ලබාගෙන නැති බව බලාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. එම නිසා අදාළ කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ කවුද සහ මෙසේ අත්තනෝමතික ලෙස විශාල වටිනාකමකින් යුත් ගිවිසුම් අත්සන් කරන්නේ කෙසේ ද යන්න බරපතළ ගැටලුවක් බව ද එම ආරචිමාර්ග ප්‍රශ්න කරයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකා‘ කළ විමසීමක දී විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසුවේ ගිවිසුම් අත්සන් කළ ද, කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව මේ සඳහ කිසිදු ගෙවීමක් කිරීමේ හැකියාවක් නොමැති බවයි. යම් හෙයකින් මේ සඳහා පසුව ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය නොලැබුණහොත්, මේ ගිවිසුම් අවලංගු වන බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය. මේ ආකාරයට විධිමත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව විමසීමේ දී ඇමැතිවරයා පැවසුවේ 2017 වසරේ සිට මෙය පවත්වාගෙන පැමිණ ඇති බවත්, එය අනුමත කිරීමට හැකියාවක් නැති බවත් ය. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරිය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.

5 − one =