හිෂාලිනී දියණියගේ සිද්ධියේ පොලිස් විමර්ශන කඩිනම් කරන්නැයි විරෝධතාවක

සියලුම ආකාරයේ ළමා හිංසනයට සහ වහල් සේවයට එරෙහි වෙමු යන්නත් හිෂාලීනී දැරිවියට සිදු වූ සිදුවීම සම්බන්දව ඉබි ගමනින් සිදු කෙරෙන පොලිස් විමර්ශන කඩිනම් කරන ලෙසත් ඉල්ලා බලකෙරෙන උද්ඝෝෂණය සමාජවාදී තරුණ සංගමය සහ අනෙකුත් සිවිල් සංවිධාන එකතුව අද (22) සවස 3 ට ජාතික ළමා ආරක්ශක අධිකාරිය ඉදිරියේදී පැවැත් විය.
මෙහිදී අදහස් පල කළ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ප්‍රකාශ කල සිටියේ ඉෂාලිනී දැරිවියගේ මරණය සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ ඇස් ඇරවාලීමට තමන් ඇතුලු සමාජවාදී තරුණ සංගමයේ තරුණ සහෝදර සහෝදරියනුත් අනෙකුත් සිවිල් සංවිධානයන්හි තරුණ සහෝදරත්වයත් මෙම ස්ථානයට පැමිනි බවයි.

තව දුරටත් අදහස් පල කළ එරංග ප්‍රකාශ කර සිටියේ, මියගිය එම දැරිය දවස් 12 ට වඩා වැඩි කාලයක් රෝහලේ වේදනා විදිමින් සිට ඇති බවත් පෙර කාලයන්හිදී ඇය ලිංගික අඩත්තේට්ටම් වලටද ලක්ව ඇති වග පොලිස් පරීක්ෂණ වලින් හෙලිවී ඇති බවයි. මෙම ගැටළුව ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස නොගෙන, කුඩා ලමුන් මෙහෙකාර සේවයේ යොදවන සිංහල, දෙමල , මුස්ලිම් සියලු අයවලුන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට බල කරන සටන ජනතාව විසින් ඉදිරියට රැගෙන යා යුතු බවයි. පසුව ඔවුන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    

Leave A Reply

Your email address will not be published.

2 × three =