බදියුදීන්ගේ නිවසේ දැරියක් පිළිස්සී මියයාම – මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් ගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කල බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, බී. දිගම්බරම්, එම්. උදය කුමාර් සහ වේලුකුමාර් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා ලිඛිත පැමිණිල්ලක් භාර දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේය.

දැරිය, බාලවයස්කාර දැරියක් බවත්, ඇය කාලාන්තරයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් හෙළිවී ඇති බැවිනුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට මෙම පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

5 × 4 =