සාකච්ඡා අසාර්ථකයි ගුරු වර්ජනය දිගටම

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් සහ ගුරු සංගම් නියෝජිතයින් අතර අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

එබැවින් දැනට ක්‍රියාත්මක මාර්ගගත ගුරු වර්ජනය ඉදිරියටත් කරගෙන යන අතර ‍අනිද්දා (22) කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ගුරුවරුන්ට දැනට පවතින වැටුප් විෂමතා ගැටලු විසඳීමේ යෝජනාවක් ලබන සඳුදා (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට ඇමතිවරයා මෙහිදී පොරොන්දු වුවත් ස්ථිර විසදුමක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට සූදානම් නැතැයි ගුරු සංගම් පවසයි.

අද පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවට ලංකා ගුරුසේවා සංගමයට අමතරව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු ‍ සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු ගුරු හා විදුහල්පති සංගම් නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

Leave A Reply

Your email address will not be published.

ten + 13 =