බදුර්දීන්ගේ නිවසේ සිටි දැරියගේ මරණය ගැන ඇත්ත හෙළිකරන්නැයි හැටන් උද්ඝෝෂණ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියකගේ මරණයට හේතු වු සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් හැටන් නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

පෙරේදා එනම් ජුලි 18 ඉරිදා හවස් යාමයේ පැවැති එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ කඳුරට ජනතා පෙරමුණ හා කඳුරට කම්කරු පෙරමුණ විසිනි.

මෙලෙස මිය ගිය දැරිය හැටන් ප්‍රදේශයේ වතු නිවාසයක පදිංචිකාරියක වන අතර ඇය හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇත්තේ ඇයට අවුරුදු 15 මාස 11ක කාල සීමාවේදී බව ජනමාධ්‍ය වාර්තාකර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී දැරියක් පසුගියදා සිරුරට ගිනි තබාගෙන දිවි තොර කර ගත් බවට චෝදනා කෙරෙන හේතු වු කරුණු සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන බොරැල්ල පොලිසිය හිටපු ඇමැතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම ද පසුගියදා සිදු කර තිබුනි.

සියදිවි හානි කරගත් දැරිය කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වී සිටි බව මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී තිබු බව පරීක්ෂණ පැවැත්වූ බොරැල්ල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

16 − four =