කොතලාවල පනත් කෙටුම්පත 03 වැනිදා පාර්ලිමේන්තුවට

ආන්දෝලනයට තුඩුදී ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන මස 03 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව රට තුළ වැරදි මතයක් ඇතිවී තිබෙන බව ත් මේ පිළිබඳ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන මස 02 දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බවයි.

මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේ දීය.

Leave A Reply

Your email address will not be published.

one × 3 =