සමගි ජන බලවේගය පා ගමනින් විත් විශ්වාසභංග විවාදයට

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහි විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට අද(19) විරෝධතාවක නිරත වූහ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද උදෑසන පාර්ලිමේන්තුවට යාමට ප්‍රථම ඔවුන් මෙම විරෝධතාවයට සහබාගි විය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූ පිරිස අනතුරුව පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා විරෝධතා පා ගමනේ නිරත වූහ.

“තෙල් මිල අඩු කරනු, තෙල් අරමුදලට මොකද වුණේ, තෙල් සහනය කෝ,
පොහොරත් නෑ හාලුත් නෑ, ස තමයි හොදටම කළේ”ආදී විරෝධතා පුවරු මෙහිදී ප්‍රදර්ශනය කර තිබිණි.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර මේ වන විට පා ගමනේආරම්භ තිබේ.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්විමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

eleven + sixteen =