හේමා ප්‍රේමදාසත් වැඩ අල්ලයි – නිවාස අධිකාරියේ ඉහළම නිලධාරියෙකුට තර්ජනය කරයි

හම්බන්තොට ප්‍රදේශයේ දේශපාලන හිතවතුන් කිහිප දෙනෙකුට කඩ කාමර සහ නිවාස බෙදා දෙන ලෙස බලපෑම් කරමින් ඇමැති සජිත් ප්‍රේමදාස යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළම නිලධාරියෙකුට හේමා ප්‍රේමදාස විසින් දුරකථන ඇමතුමක් දී බැන වැදී ඇති බව වාර්තාවේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය විසින් මේ ආකාරයෙන් බලපෑම් කළ බවද ඇය දැනගන්ට ඇත.

මැතිවරණයක් කැඳවා ඇති නිසා මැතිවරණ කොමිසම විසින් දන්වා ඇති පරිදි එම කටයුත්තට මැදිහත් විය නොහැකි බව ඉහළ නිලධාරීයා දැනුම් දුන්නද හේමා ප්‍රේමදාස මහත්මිය විසින් දන්වා ඇති දින පසුපසට දමා හෝ මේවා බෙදා දිය යුතු බවයි.

කෙසේ වෙතත් මෙම නිලධාරීන් ඇගේ නියෝගය ඉටු කර නැති අතර ඔවුන් සදහන් කරන්නේ මෙවන් නීති විරෝධී කටයුතු කිරීමෙන් ඉදිරියේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට යන්නට වනු ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

one × 2 =