Huawei සහ Viber App Gallery පහසුකම ලබාදෙයි

ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණ සමාගම් අතුරින් එකක් වන Huawei සිය දිගුකාලීන සන්නාම සහයෝගීතාව ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වන Viber සමඟ පුළුල් කරන බව දැනුම් දෙයි. App Gallery තාක්ෂණය ඔස්සේ සාර්ථක පාරිභෝගික ප්‍රතිචාර ලබන, නොමිලේ සන්නිවේදන පහසුකම් සලසන Viber  ලෝකයේ පළමු හා ප්‍රධානතම සන්නාමයක් මෙන්ම App Gallery හා සම්බන්ධ වූ වඩා ජනප්‍රිය සන්නාමයක් ද වෙයි. Viber  භාවිත කරන ලෝකයේ රටවල් 190ක පරිශීලකයෝ මිලියන 100ක් සිටිති.

Viber ශ්‍රව්‍ය හා දෘශ්‍ය දුරකථන අවස්ථා (Audio, Video Calls), පණිවුඩ ක්‍රම (SMS), සමූහ සංවාද (Group Chats) ක්‍රියාත්මක කරන අතර App Gallery ඔස්සේ විවිධ කලාපවල මිලියන 62ක App  බෙදාහැරීමත් සමඟින් මේ වන විට ශක්තිමත් ගෝලීය තත්ත්වයක් අත්පත් කරගෙන තිබේ. මේ වන විට වර්ධනය වන සිය පරිශීලක පදනමට වඩාත් ගැඹුරු මැදිහත් වීමක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් මෙම සමාගම් දෙක වර්තමානයේ එක්ව කටයුතු කරයි. මෙම ව්‍යාපාරික සහයෝගිතාවේ කොටසක් වශයෙන් Viber  විසින් සිය හිමිකාරී App යාවත්කාලීන කිරීමේ නිදහසත් Viber පරිශීලකයන් සඳහා පමණක් එහි නවතම මාදිලියේ ස්ටිකර් සමූහ App Gallery හරහා බාගත කර ගන්නා අවස්ථාවත් Viber App ඔස්සේ ලබා දෙනු ලැබ ඇත●

Leave A Reply

Your email address will not be published.

nine − 5 =