පරිසරය වනසන කිරි කම්හලක්

ගිනිගත්හේන, ලොනැචි ප්‍රදේශයේ වටවල වැවිලි සමාගම නම් පෞද්ගලික සමාගමක් පවත්වාගෙන යන  මහා පරිමාණයේ දියර කිරි නිෂ්පාදනය කිරීමේ කිරි ගව ගොවිපොළේ අපද්‍රව්‍ය විවෘත පරිසරයට මුදාහැරීම නිසා අවට ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව ඇති බව එම ජනතාව පවසති.

මෙම අපද්‍රව්‍ය වැසි ජලයට සේදී යමින් අවට පරිසරයේ ජල දහරා සමඟ එකතුව විමලසුරේන්ද්‍ර ජලාශයටත්, ඒ ඔස්සේ කැලණි ගංගාව වෙතත්, අනෙක් පසින් ගලා බසින ජලය දිය කඳුරට මුසුවීමෙන් දෙහිගස්තැන්න, අඹතලාව, කඳුරේගොඩ, ඇල්ල උඩ ආදී ගම්මානවල ජනතාවට ඍජුවම පානීය හා අනෙකුත් අවශ්‍යතාවන් සඳහා පරිහරණය කිරීමට සිදු වන බව ද ගම්වාසීහු පෙන්වා දෙති.

දීර්ඝ කාලයක පටන් කඳු මුදුනක සිට ගලා බසින්නා වූ ද, ගම්මාන රැසක ජනතාව පානීය ජලය සපයා ගන්නා වූ ද ජල පහර වෙත මෙම ගොවිපොළෙන් ඉවත් කරන ගව මූත්‍ර හා ගොම මිශ්‍ර අපද්‍රව්‍ය මුදාහරිමින් පවතින බව එම ජනතාව වැඩි දුරටත් පවසති.●

 

ධනුෂ්ක ලිහිණියාගම – ගිනිගත්හේන.   
Leave A Reply

Your email address will not be published.

18 − seven =